Monday, October 21, 2019

සුන්දර ‌දෙනියාය

දෙනියාය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති විශේෂිත පරිසර පද්ධතීන්ගෙන් සමන්විත ස්ථානයකි.සංචාරය කරන්නන් සදහා ‌‌දෙනියාය ‌තෝතැන්නකි. දුර බැහැර ප්‍රදේශ වල සිට පැමිනෙන්නන් සදහා නවාතැන් ‌ගෙන සංවාරය කිරීම වඩා සුදුසු වන අතර ‌මෙහි සංවාරය කල යුතු ස්ථාන එක් දිනකින් නරඹා අවසන් කල ‌නොහැක.

  දෙනියා‌‌යේ අප යායුතු ස්ථාන

01) ගැටබරුව රජමහා විහාරය

මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.
මෙය ලෙන් විහාරයක් වන අතර මුහුදු මට්ටමේ සිට අඩි 1500ක් තරම් ඉහලින් පිහිටා ඇත. ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගයේ  කොටපොල ගාමයේ පිහිටා ඇත.


02) පැට්නා (Patna View Point)
මෙය දෙනියායේ ඇති ඉතා මනරම් ස්ථානයක් වන අතර ස්වභාවිකව සැදුනු ගල් තලාවකින් ගිං ගග ගලාගෙන යයි.මෙය බුරුස්ගල ලෙසද හදුන්වයි.ජල කීඩා කිරීම සදහා බොහෝ දෙනෙකු මෙහි පැමිණේ.මෙම ස්ථානයට පිවිසීම සදහා දෙනියායේ සිය ඒනසාල් වත්ත පාරේ පැමිණිය යුතු අතර පැට්නා තේ කම්හල ලග සිට පයින් ගමන් කල යුතු වේ. 


03) සත්මාලේ ඇල්ල
මහල් හතකින් යුක්ත හෙයින් මෙම නම ලැබී ඇත.ගිං ගගෙහි ජලයෙන් පෝෂණය වන අතර 45m උසින් යුතු වේ.වාහනයකින් ආසන්නයටම යා හැකි අතර දෙනියාය පල්ලේගම පාරේ ගොස් දෙනියාය කාගිල්ස් පුඩ්සිටි ආයතනය අසලින් දකුණට හැරී ගොස් සත්මාලේ ඇල්ල නැරඹිය හැක.   

04)වංගෙඩි ඇල්ල


No comments:

Post a Comment

සුන්දර ‌දෙනියාය

දෙනියාය ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති විශේෂිත පරිසර පද්ධතීන්ගෙන් සමන්විත ස්ථානයකි.සංචාරය කරන්නන් සදහා ‌‌දෙනියා...